හෝමාගම මූලික රෝහලේ පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කර, ඊට අවශ්‍ය සියලූ උපකරණ සපයමින්, එය පුළුල් කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු ඩයලොග් සමාගම අරඹා තිබේ.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000 ක් ලබාදීමට එක`ගවීමේ වැඩපිළිවෙලෙහි දෙවනි අදියර යටතේ, ඩයලොග් සමාගමේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් මෙය සිදුකරනු ලබයි.
ඒ අනුව එම රෝහලට ඇඳන් 10 කින් සමන්විත දැඩි සත්කාර සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතව තිබේ.
දැනට ඉදිකිරීම් ආරම්භ කර ඇති දැඩි සත්කාර ඒකකය ස්ථාපිත කිරීම මගින් ඇඳන් 10 කින් හා නවීන උපකරණවලින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර සංකීර්ණයක් හෝමාගම මූලික රෝහලට හිමිවන අතර, අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල සතු හැකියාව උසස් තලයකට ගෙන එනු ලබයි.
කොවිඞ් -19 රෝගීන්ට ප්‍රතිකාර කරන ප්‍රධානතම රෝහල් 18 න් එකක් වන හෝමාගම මූලික රෝහල වර්තමානයේ ඇඳන් 400 කින් සමන්විතව වාර්ෂිකව රෝගීන් 400,000 කට ප්‍රතිකාර කරයි.
ඩයලොග් ආසිආටා විසින් රෝහලේ දැඩි සත්කාර පහසුකම් ප්‍රතිෂ්ඨාපනයට සහායවීම හරහා බරපතල තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කරන රෝගීන්ගේ දිවි ගලවාගැනීමේ අවස්ථා දීර්ඝකාලීනව ඉහළ නැංවීමටත්, එවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ පීඩනය අවම කිරීමටත්, දැඩි සත්කාර ඒකකවල වෛද්‍යවරුන්ගේ පුහුණුවට සුවිශේෂී වටිනාකමක් එක් කරමින් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමටත් මහෝපකාරී වේ.
මීට පෙර ඩයලොග් ආසිආටා සමාගමේ පූර්ණ මුල්‍ය දායකත්වයෙන් මීගමුව දිස්ත්‍රික් මහා රෝහලට පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර වාට්ටු සංකීර්ණයක් තිළිණ කරන ලදී.