හෝමාගම එන්.එස්.බී.එම්. හරිත විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම ආයතනය සියයට 100ක් රාජ්‍ය ආයතනයක් වෙයි. වෛද්‍ය පීඨය සඳහා අවශ්‍ය සායනික පහසුකම් ලබාදීම සඳහා හෝමාගම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට නියමිත අතර ඒ සඳහා සම්පූර්ණ වියදම එන්.එස්.බී.එම්. ආයතනය විසින් දැරීමට නියමිතය.