පොසොන් උත්සවය නිමිත්තෙන් කුඩා ළමුන් පිරිසක් එක්ව පවත්වන ලද හොල්මන් මන්දිරයකට බීමතින් ඇතුළුවූ පුද්ගලයන් තිදෙනෙකු එහි යක්ෂයෙකු ලෙසින් පෙනී සිටී 13 හැවිරිදි පාසල් සිසුවෙකුට රෝහල් ගතවෙන්නම පහරදුන් පුවතක් කළුතර පැල්පොල ප්රදේශයෙන් වාර්තාවේ .
කළුතර උතුර පැල්පොල තොටුපළ පාරේ පදිංචි ඒ ඩී සිතුම් ලක්මින නැමැති පාසල් සිසුවෙකු මෙලෙස පහරකා රෝහල් ගතකර ඇති බව කළුතර ශීක්ෂණ රෝහලේ ප්රකාශකයෙක් කීය.
ප්රදේශයේ කුඩා ළමුන් පිරිසක් එක්ව කාලයක පටන් වෙහෙස මහන්සිවී හොල්මන් මන්දිරය සකස් කර පොසොන් දින කිහිපය තුලදී පවත්වා තිබේ. එහි තුන්වන දින රාත්රි ප්රදර්ශනය කරන අවස්ථාවේ බීමතින් පැමිණි තිදෙනෙකු භූත ගුහාවට ඇතුළුවී ඇති බව වාර්තාවේ.
පහරකා රෝහල් ගතකර සිටින ළමයා යක්ෂයෙකු ලෙසින් ඔවුන් ඉදිරියට කඩාපැන ඇති අතර , එහිදී උරණවූ තිදෙනා යක්ෂයාගේ බෙල්ලෙන් අල්ලා පහරදී ඇති බව සදහන් වේ. කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය