පොලිස් නිලධාරීන් සිව් දෙනකු භාරයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පලා ගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි. මෙලෙස පලා ගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් මැල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
හොරෙයින් මත්කුඩු ගෑම් 12 මිලිගෑම් 900 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගෑන්ඩ්පාස් පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඊට පෙර අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය අවස්ථාවේදී සැකකරු පළා ගොස් තිබූ බව පොලිසිය කියයි.
සැකකරු වැසිකිලි යාමට අවශ්‍ය බවට පවසා ඇති අතර එහිදී සැකකරු අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇත. කොටහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි.