ව්‍යාජ තොරතුරු ඇතුළත් කර රුපියල් ලක්ෂ 80 ක් ලබා ගෙන තැරැව්කරුවෙකු විසින් කූඨ ලෙස සකස් කර දුන් ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කාන්තාවක සහ තරුණයෙකු 11/05 දින උදෑසන ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
54 හැවිරිදි මෙම කාන්තාව පුත්තලම තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර 23 හැවිරිදි ඇයගේ ඥාතී පුතු හලාවත , මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
ඔවුන් දෙදෙනා ඕමානයේ මස්කට් නුවර හරහා ඉතාලිය වෙත පිටත්ව යාම සදහා 11/05 දින උදෑසන 07.40 ට මුලින්ම ඕමානයේ මස්කට් නුවර බලා පිටත්ව යන ඕමාන ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 372 දරන ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී තම ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම සදහා ඉදිරිපත් කළ ලියකියවිලි පිළිබඳ සැක සිතූ ආගමන විගමන නිලධාරීන් , මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ.
එහිදී මොවුන් ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර , ව්‍යාජ තොරතුරු ඇතුළත් කර හලාවත වෙන්නප්පුව ප්‍රදේශයේ තැරැව්කරුවෙකු සකස් කර දුන් බවත් , තමන් ඒ සදහා තම ඉඩමක් විකුණා ඔහුට එම මුදල ලබා දුන් බවත් මෙම කාන්තාව ප්‍රකාශ කර තිබුණි .
ඇය මීට පෙර ඉතාලියේ වසර ගනනාවක් සේවය කර පැමිණි කාන්තාවක් වූ අතර , ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර තුළ ව්‍යාජ ලෙස සටහන් කළ ඉතාලි සහ ශ්‍රී ලංකා ආගමන විගමන මුද්‍රා තිබී ඇත . එමෙන්ම මෙම කාන්තාවගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී තවත් ශ්‍රී ලංකා ආගමන විගමන ව්‍යාජ මුද්‍රාවක් ද තිබී මෙම නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඉන්පසුව මෙම කාන්තාව සහ ඇයගේ ඥාතී පුත්‍රයා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .