ගෙවල් බිඳ තමන්ගේ දේපළ සොරාගෙන යන්නේ බොහෝ විට තමන්ගේම වරදින් බවත් බොහෝ දෙනා තමන්ගේ දේපළ සොරකම් කරගෙන යාමට නොදැනුවත්වම පහසුකම් සලසන බවත් ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
බෙන්තොට පොලිස් උපදේශන කමිටු සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා ඉකුත්දා බෙන්තොට පොලිස් ස්ථානයේදී පැවති රැස්වීමේදී ඒ මහතා එසේ පැවසීය.
"බොහෝ අය නිවෙස් වසා පිටතට යනවිට නිවසේ යතුර නිවසේ ඉදිරිපිට ඇති මල් පෝච්චිය හෝ පාපිස්ස යට තබා යනවා.ඒ යතුරින්ම දොර ඇරගෙන හෝ දොර කඩාගෙන හොරු ගෙට ඇතුළු වුනාම අල්මාරියේ යතුර අල්මාරියේම තිබෙන නිසා සොරකමට පහසු වෙනවා.දොර කඩන්න ඕනෙවෙන අලවංගුව,පොල් උල,ආදියත් ගේ අයිනේ තිබෙනවා.වහලට නගින්නත් හොරාට ඉනිමග තියෙනවා.
බයිසිකලය ක්‍රියාත්මක තත්වයේම නවතා කඩේට යනවා.ඒ ගිහින් එනකොට බයිසිකලේ හොරු අරන් ගිහින්.ගෙදර හදන හරකව රෑට ගෙට බොහෝ ඈතින් ගාල් කරනවා.හරකව හොරු අරන් යනවා.මේ විදියට බැලුවම හොරුන්ට පහසුකම් සපයන්නේ ජනතාවමයි.
අපේ මේ අඩුපාඩු මග හරවා ගැනීම සොරකම් වළක්වා ගැනීමේ ප්‍රධාන මාර්ගයක් වෙනවා .තමන්ගේ ප්‍රදේශයේ ඇතිවිය හැකි සොරකම් ,මත් ද්‍රව්‍ය පැතිරීම ,මිනී මැරුම් ආදී අපරාධ වළක්වා ගැනීමට ප්‍රජා පොලිස් කමිටුවලින් හා පොලිස් උපදේශන කමිටුවලින් ඉමහත් දායකත්වයක් ලබා දිය හැකියි"