ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි මහතා ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනතුරට පත්ව ඇති බවත් එම අනතුරින් ඉරාන ජනපතිවරයා අතුරුදන්ව ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
නැගෙනහිර අසර්බයිජානයේදි හෙලිකොප්ටරය හදිසි ගොඩබැමකට ලක්කිරිමේදි මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වෙයි. අනතුර සිදුවන අවස්ථාවේදි ඒම ප්‍ර දේශයේ අයහපත් කාලගුණ තත්ත්වයක් පැවති ඇත.
මුදවා ගැනිමේ කණ්ඩායම් ප්‍ර දේශයට ළඟා වන බවත් අධික මිදුම මුදවා ගැනිමේ මෙහෙයුම් සඳහා ගැටලුවක්ව ඇති බවත් ජාත්‍යන්තර මාධය වාර්තා කරයි.
ඉරාන ජනපතිට අමතරව ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයාද එම හෙලිකොප්ටරයේ ගමන් කර තිබේ. ඔවුන් ගමන් කළ හෙලිකොප්ටරයට අමතරව තවත් හෙලිකොප්ටර් දෙකක්ද ගමන් කර ඇති අතර ඒම හෙලිකොප්ටර් දෙක අනතුරකින් තොරව ගමනාන්තයට ළඟා වි තිබේ.