හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි බව කියන සුරා බදු නිලධාරියකු සහ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකරුවෙකු ඇතුළු පස් දෙනෙකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
හෙරොයින් මත්කුඩු අලෙවි කරමින් සිටි පුද්ගලයකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඔහුට මත්කුඩු ලැබෙන ආකාරය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට එම මත්කුඩු ලබාදෙන පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු අනාවරණය කිරීමෙන් අනතුරුව පොලිසිය එම පුද්ගලයාට උපාය දූතයෙකු යොදවා මත්කුඩු මිලදී ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ .
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු කොළඹ සුරාබදු ප්‍රධාන කාර්යාලයේ රාජකාරියේ නියුතු සුරා බදු නිලධාරියකු බව අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සුරා බදු නිලධාරියාගේ සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු, අයිස්, ගංජා, ඩිජිටල් තරාදියක් මුදලින් රුපියල් දස දහසක් ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගෙන තිබේ .
ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී හෙරෝයින් මත්කුඩු ජාවාරමට සම්බන්ධ කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකාරවරයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ .
එම දෙදෙනාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී කටුගස්තොට, අලවතුගොඩ, කොළඹ ආදි ප්‍රදේශවල තවත් සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ .අත්අඩංගුවට ගත් සුරා බදු නිලධාරියා සහ සහකාර බැංකු කළමනාකාරවරයා දින තුනක රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතය .
මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් සුජීව ගුණතිලක මහතාගේ මෙහෙය වීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මකීර්ති, උප පොලිස් පරීක්ෂක බන්දුල, පොලිස් සැරයන් 50604 ලක්මාල්, පොලිස් සැරයන් 71194 කිත්සිරි, පොලිස් සැරයන් රියදුරු 23949 වල්පොල, පොලිස් කොස්තාපල් 100069 රණසිංහ යන මහත්වරුන් වැඩිදුර විමර්ශන සිදුකරයි .