මීරිගම දිසා රෝහලේ ප්‍රමාණවත් හෙද හෙදියන් නොමැති වීමෙන් රෝගීන්ට සේවා සැපයීමට නොහැකි තත්වයක් පත්ව ඇති බව ඒහි හෙද කාර්ය මණ්ඩලය පවසයි. මේ හේතුවෙන් පසුගිය දිනක ඔවුන් දවස පුරා ලෙඩ නිවාඩු දමා විරෝධතාවක නිරතවූහ. මින් රෝහල් දෛනික කටයුතුවලට බාධා සිදුවූ බව වාර්තා වෙයි.
දිසා රෝහලක් ලෙස මෙහි සේවා කටයුතු පවත්වාගෙන යෑම සඳහා හෙද හෙදියන් 100ක පමණ අවශ්‍යතාවක් වුවත් දැනට සේවයේ නිරතව ඇත්තේ හෙද හෙදියන් 49ක් පමණක් බවත් සමස්ථ ලංකා හෙද සංගමයේ මීරිගම රෝහල් ප්‍රධාන සංවිධායක රුවන් අබේසිංහ මහතා පවසා සිටියි.
වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය මාර්තු මාසයේදී රෝහලට පැමිණි අවස්ථාවේ මෙම ගැටළුව පිළිබඳ දැනුවත් කලද මේ දක්වා ඒ් සම්බන්ධ කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැතිබවද ඒ් මහතා තවදුරටත් පවසා සිටියේය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය