හෙද, පරිපූරක, අතුරුවෛද්‍ය හා අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලවට ආර්ථික යුක්තිය ඉටු කිරීමට බලධාරීන් ලබා දුන් පොරොන්දු කඩවෙමින් තිබෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
මේ නිසා එයට විරෝධය පා මේ මස 08වන බදාදා උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 04ක කාලයක් සියලුම ශික්ෂණ රෝහල්,මහරෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාර්යාලවල සේවය කරන සෞඛ්‍ය සේවකයන් සේවයෙන් ඉවත්වන බවද පෙන්වා දෙයි.
පැය 04ක වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් සිදු වුවත් හදිසි සේවා හා අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාමට කටයුතු කරන බවත් මෙම ක්‍රියාමාර්ගයට අනුවත් පවතින ගැටලු විසඳීම සඳහා බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරියේදී අඛණ්ඩ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බවද සඳහන් කරයි.
මෙම ක්‍රියාමාර්ග සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති හැත්තදෙකක් සම්බන්ධ වී සිටින බවත් වෛද්‍යවරුන්ට රුපියල් තිස්පන්දහසක දීමනාවක් ලබා දීමට සාපේක්ෂව අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලවටත් දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා පසුගිය කාලයේදී වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකළ බවද පෙන්වා දෙයි.
මේ අනුව නිලඇඳුම් දීමනාව ඉහළ දැමීමට හා ඇමතුම් දීමනා ඉහළ දමන බවට පසුගිය මස 02වන දින පොරොන්දු වූ බවත් මාසයක් තුළදී අදාළ කටයුතු සිදුකරන බවට පොරොන්දු වුවත් මෙතෙක් ඊට අදාළව කටයුතු කර නොමැති බවද සඳහන් කරයි.