දිවයිනේ නිරිත දිග කොටසේ පවතින් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (08දා) දින් සිට ඉදිරි දින් කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි..
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.
වයඹ, උතුරු හා උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතෙත් අම්පාර හා මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.