හෙට දිනයේදී වයඹ පළාත්වල සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය’ යොමුකල යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව දන්වා සිටියි.
වැඩිදුරටත් කරුණු දක්වමින් ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ වැඩ බිම් තුලදී නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථාන වලදී විවේක ගන්නා ලෙසත්ය.
එසේම කුඩා ළමුන් වාහන තුල තනියම රඳවා නෙයාමත් ඇඳුම් සඳහා සුදු හෝ ලා පැහැති හා සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත්ය. එළිමහන් තුල වැඩ කිරීමේදී අධික වෙහෙසකාරී කටයුතු සීමා කලයුතු බවත් අවධාරණය කර සිටියි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය