උතුරු , උතුරු මැද, වයඹ, බස්නාහිර පලාත් සහ රත්නපුර , ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වල උණුසුම් දර්ශකය, හෙට (21) දිනයේත්, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍ය දෙපාර්ථමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියි.
නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ පිලිබඳ සැලකිලිමත් විය යුතු බව වැඩි දුරටත් එම නිවේදනයේ සඳහන් වෙයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය
