මහවෙල පොලිස් වසමේ සැලගම ප්රදේශයේ හුලංගල නැරඹීම සඳහා පැමිණි තරුණයින් පිරිසක්ගෙන් එක් තරුණයෙක් ඊයේ දහවල් හුලංගල කන්දෙන් පහළට ඇද වැටී මියගොස් ඇති බවට මහවෙල පොලිස් ස්ථානයට ලද ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
කන්දෙන් පහළට ඇඳ වැටුණු තරුණයාගේ මෘත දේහය හුලංගල කන්ද පහළ බිසෝ ඇල්ල ප්රදේශයේ තිබී සොයා ගෙන ඇත.
මරණකරු වයස අවුරුදු 22 ක් වූ දෙමටගොඩ, කොළඹ 09 ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා ඔහුගේ මිතුරන් 03 දෙනෙකු සමඟ හුලංගල කන්ද නැරඹිමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී අති අතර මෘත ශරීරය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.