කොරෝනා වසංගතයේ පළමු කේනද්‍රය වූ චීනයේ හුබෙයි පළාත් සාර්ථකව එය පාලනය කිරීමෙන් අනතුරුව නැවතත් එහි සේවා කටයුතු ආරම්භ වී තිබේ.
ඒ අනුව සිකුරාදා දිනයේදී චීනයේ හුබෙයි පළාතේ මිලියන 5.57 ක ජනතාවක් තමන් සේවය කරන ස්ථානවෙත ගොස් සේවා කටයුතු ආරම්භ කර තිබේ.
ඔවුන් අතරින්, මිලියන 3.46 ක ජනතාවක් හුබෙයි නගරයෙන් පිටත සිය සේවා ස්ථාන වෙත ආපසු ගොස් ඇති අතර ගුවැංඩොං, ෂෙජියැන්ග් සහ ජියැන්ග්සු පළාත් ඉහළම ගමනාන්ත තුන වේ.
සංක්‍රමණික කම්කරුවන් 630,000 ක් ඔවුන්ගේ නිවෙස්වලින් කෙලින්ම පළාතෙන් පිටත පිහිටි කර්මාන්තශාලා වෙත යැවීමට හුබෙයි පළාත විසින් වරලත් බස් චාරිකා 22,600 ක් සහ දුම්රිය 60 ක් සූදානම් කර ඇති තිබේ.
කොරොන වයිරස් රෝගයේ (COVID-19) නව තහවුරු කිරීම් කිසිවක් සෙනසුරාදා හුබෙයිහි වාර්තා නොවීය.