කොළඹ හිල්ටන් හෝටලයේ හිමිකාරීත්වය දරන හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) ලිමිටඩ් (HDL) සතු කොටස් මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් 9 දෙනෙක් ඉදිරිපත් වී ඇති අතර, ඒ අතරින් ආයතනයක් අවසන් අදියරය සඳහා යෝජනා ඉදිරිපත් කර තිබේ.
මුල් ලංසුකරුවන් 9දෙනාගෙන් පූර්ව සුදුසුකම්ලත් ලත් ලංසුකරුවන් 4දෙනෙකු තෝරාගෙන ඇති අතර, ඉන්පසුව ඔවුන්ගෙන් මූල්‍ය යෝජනා කැඳවීම සිදුකර ඇත. එහිදී තවත් ලංසුකරුවන් දෙදෙනෙකු එම ක්‍රියාවලියෙන් ඉවත්ව ඇත. එම යෝජනා කැඳවීම ඉකුත් ජූලි 10වැනිදා අවසන් වූ අතර, ඒ වන විට පූර්ව සුදුසුකම්ලත් ලංසුකරුවන් දෙදෙනාගෙන් එක් ආයතනයක් පමණක් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව මෙල්වා හොටෙල්ස් ඇන්ඩ් රිසෝට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
ඒ පිළිබඳව විශ්ලේෂණය කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින අතර, ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.