ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් නියෝගයක් ,ප්රවෘත්ති සාකච්ඡාවකදී විවේචනය කිරීම මගින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට අපහාස සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙස ඉල්ලා ගොනු කල පෙත්සමක විභාගය අවසන් අභියාචනාධිකරණය අදාල චෝදනා වලින් ඇයව නිදහස් කිරීමට තීරණය කළේය.
තමා විසින් සිදු කරන ලද එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට සහ මින් ඉදිරියට එවැනි කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බවට සිය නීතීඥවරයා මගින් ඇය අධිකරණය හමුවේ දුන් පොරොන්දුව ලබා දුන් සලකා බැලීමෙන් පසු ව මෙසේ ්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය නිදහස් කිරීම ට අභියාචනාධිකරණය තීරණය කෙරිණි
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පැමිණිල්ල සලකා බැලීණි.
අධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියාය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා දන්වා සිටියේ තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණය ට පොරොන්දුවක් ලබා දී එය සමථයකට පත් කර ගැනීමට විත්තිකාරිය සූදානම් බවට ඇයගේ නීතිඥවරයා විසින් තමන්ට දැනුම් දුන් බවය.
ඒ සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නොමැති බවද ඒ අනුව මෙම පෙත්සම විභාගය අවසන් කළ හැකි බවද නීතිඥවරයා වැඩි දුරටත් කියා සිටියේය.
විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කසීම් මහතා එහිදී සඳහන් කළේ ගල්කිස්ස මහාධිකරණය විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් සිය සේවාදායිකාව විසින් සිදුකරන ලද ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට ඇය සූදානම් බවය.
එසේම එම නඩුව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට සිදු නොකිරීමට පොරොන්දුවක් ලබා දෙන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
ඒ අනුව හිරුණි ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය ලබාදුන් පොරොන්දුව සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කළේය .
විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇමතූ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා මෙම චෝදනාවලින් තමන් නිදහස් කරන බව සඳහන් කළේය.
කිසිදු පුද්ගලයකුට හානියක් වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙසට ඇයට උපදෙස් දෙන ලෙස ඇයගේ නීතිඥවරයාට දැනුම් දුන්නේය. ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කරන කෙරිණි.