සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය වන සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට යොමු කර ඇත .
අද (13දා) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ තමන් සමගි ජනබලවේගය සමඟ ඉදිරියටත් දේශපාලන කටයුතු සිදු කළ ද සමගි වනිතා බලවේගයේ සියලු වගකීම් වලින් ඉවත් වීමට තීරණය කළ බවයි.
පසුගිය ජනාධිපතිවරණ පරාජයට ආසන සංවිධායකවරුන් වගකිවයුතු බවත් ඔවුන් නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් එම පරාජයේ සිදුවූ බවටත් සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු විසින්ම කරන ලද චෝදනාව හේතුවෙන් තමන් දැඩි කලකිරීමට පත්ව මෙම තීරණය ගත් බවත් ඇය සඳහන් කළාය. දැන් පටන් තමන්ගේ අනාගතය පිළිබඳව සිතිය යුතු යැයි ඇය තීරණය කළ බවද මෙහිදී සඳහන් කළාය.