100%ක් හිරු එළියෙන් ක්‍රියාත්මක බීජ වියළීමේ නව පද්ධතියක් හඳුන්වා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය කටයුතු කර තිබේ.
එම පද්ධතියේ අධ්යක්ෂ ආචාර්ය රෙහාන් විජේකොන් මහතා සඳහන් කර සිටියේ මෙරට තුළ ප්‍රථම වතාවට ක්‍රියාත්මක මෙම පද්ධතිය 'Solar Tunnel Dryer' ලෙස හඳුන්වන බවයි.
බඩඉරිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ සඳහා යොදාගන්නා ධාන්‍ය ආරක්ෂිතව වියළීම සඳහා හඳුන්වා දී ඇති මෙම පද්ධතිය, සම්පූර්ණයෙන් හිරු එළියෙන් ජනනය වන විදුලිබලයෙන් ක්‍රියාත්මක වේ. ඊට අමතරව සමස්ත ගබඩාව වීදුරු ආවරණයකින් ආවරණය කර තිබීම හේතුවෙන් ස්වාභාවික හිරුඑළිය මෙන්ම සූර්ය රශ්මියද අඛණ්ඩවම ලැබේ. එසේම රාත්‍රි කාලයට ද බීජ වියළීම සඳහා අවශ්‍ය ප්රශස්ත උෂ්ණත්වය කිසිදු වියදමකින් තොරව සූර්ය බලශක්තිය යොදා ගනිමින් ලබා ගැනීමේ හැකියාව පවතී.
මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් අධ්යක්ෂවරයා සඳහන් කර සිටියේ නිසි පරිදි ජලය ඉවත් නොවීම හේතුවෙන් බඩඉරිඟු හා වෙනත් ධාන්‍ය වියළීමේ දී ඇෆලටොක්සින් ඇති වීමේ අවදානමක් සිදුවිය හැකි නමුත් මෙම ධාන්‍ය වියළීමේ පද්ධතිය මගින් එවැනි අවදානමක් ද උද්ගත නොවන බවයි.