ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ආමාත්‍ය මණ්ඩලයට වැරදි තොරතුරු සපයා අමාත්‍ය මණ්ඩලය නොමඟ යවා ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (01) දැනුම් දුන්නේය.
ගබඩාවල ඖෂධ තිබියදී ඖෂධයක් හිඟ බව බොරුවට මවා පාමින් අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය සිය`ථ කරුණු සොයා බලා නිවැරදි නියෝගයක් දී ඇතැයිද කීය.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වන තෙක් තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය බල රහිත කර තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකකරුවන් වශයෙන් රහස් පොලිසියේ අධ්යක්ෂවරයා ඇතු`ථ පිරිසක් නම් කර ඇත.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහත්වරු හමුවේ මෙම පෙත්සම සළකා බලන ලදී.
ත්සම කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා දීර්ඝ ලෙස කරුණු දක්වමින් ඖෂධ හිගයක් ඇති බවට කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය නොමඟ යවා රජයේ මුදල් වැය කර මෙම ඖෂධ මිලදී ගැනීමට පෙත්සම්කරු කටයුතු කර ඇතැයි සඳහන් කළේය.
පෙත්සම්කාර අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට නොමඟ යවා ඇති බවත් ඖෂධ ගබඩාවේ ඇති ඖෂධයක් හිඟ බවට අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇති බවත් කී නිර්මලන් විග්නේෂ්වරන් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ පෙත්සම්කරු එ අවස්ථාවේදී මෙම ක්‍රියාවන් නොකලා නම් අසරණ රෝගීන් අපහසුතාවයට පත් නොවන්නේ යැයිද කීය.
පෙත්සම්කරුට එරෙහි නඩුවේදී මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරියට ඉදිරිපත් වු කරුණු අනුව සිය`ථ කරුණු සොයා බලා දුන් නිවැරදි නියෝගයක් යැයි කී නිර්මලන් විග්නේෂ්වරන් මහතා මෙම පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන්නැයි ඉල්ලා සිටීයේය.
ශ්‍රී ලංකා නීතිය සංගමය වෙනුවෙන් පෙනී සිට් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියට අමාත්‍යයවරයා වශයෙන් මෙම පෙත්සම්කරු මැදිහත් නොවුනනම් ජනතාවට වැඩි හිරිහැරයක් සිදු නොවීමට ඉඩ තිබුණා යැයිද කීය.
වැඩිදුර පෙත්සම් විභාගය හෙට (02) පැවැත්වේ.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ කීර්ති තිලකරත්න, ෂහීඩා බාරී සමඟ ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා පෙනී සිටියේය.
ශ්‍රී ලංකා නීතිය සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියේය.