පළාත් පාලන ඡන්ද විමසීමට කැදවූ නාම යෝජනා අවලංගු කිරීමට රජය අර අදින්නේ දේශපාලනික අයුතු වාසියක් ලබා ගැනීමට බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (16) උදේ අම්බලන්ගොඩ පෝරඹ ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමට අවස්ථාවක් ලබා ගැනීමේ අරමුණින් මෙය සිදු කරන බවද මෙහිදී දේශප්‍රිය මහතා කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා අවලංගු කිරීමට බලාපොරොත්තු වන පළාත් පාලන නාමයෝජනා පිළිබදව පමණක් නොව හොරු අරන් ගිය පළාත් සභා ඡන්ද විමසීම හා ඉදිරියේදී ඒමට නියමිත ජනාධිපතිවරණය පිළිබදවද මෙහිදී අදහස් දැක්වූවේ මෙසේය.
"පළාත් පාලන ඡන්ද විමසීමට කැදවන නාමයෝජනා අවලංගු කිරීම කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සම්මත කරන පනතකින් විතරයි. එවැනි ඕනෑම පනතක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී යම් යම් අභියෝගයන්ට අනිවාර්යයෙන්ම ලක්වෙනවා. මෙවර එය ලක්වෙන වෙලාවේදී අනිවාර්යයෙන්ම ඉල්ලා සිටින්න ඕන මේ අවස්තාවේ මේක කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එක මේ බලාපොරොත්තුවීමෙන් අපේක්ෂකයන්ගේ ගැටුලු නිසා කරනවයි කියන එක පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි.
මොකද මෙච්චර කල් අපේක්ෂකයන් රජයේ සේවකයන්ගේ ගැටළුව දැන් විසදිලා තියෙන්නේ.අපේක්ෂකයාට දැන් තියෙන එකම ගැටළුව් තමයි ආණ්ඩුවෙන් පත් කරන කමිටුවලට අධීක්ෂණ කමිටුවලට යෝජනා එවන කමිටුවලට පත්වෙන්න බැහැයි කියන එක.
මොකද මැතිවරණ කොමිෂන් සභාව ඒකට විරුද්ධ නිසා.මම හිතන්නේ ඕක අවලංගු කරන්නේ අර ආණ්ඩුවට හිතැති අපේක්ෂකයන් ඒ කමිටුවලට පත්වීමට තියෙන බාධාව ඉවත් කර ගැනීමට.එහේම දාලා ඒගොල්ල්ලන්ගේ සංවර්ධන යෝජනා අරගෙන ඒවායේ අධීක්ෂණ අර දේශපාලන පක්ෂවල ප්රවර්ධනයක් නොවෙනවා කියන්න පුළුවන් කාටද.ඒක නිසා මේ යෝජනාව බැලූ බැල්මටම අයුතු වාසියක් ලබා ගැනීමට කෙරෙන එකක් හැටියටයි මම දකින්නේ.
ඊළට පළාත් සභා ලබන වර්ෂයේ තියෙනවා කියන එක අලුතෙන් පනත් හදන්න දෙයක් නැහැ.ගරු එම්.පී.සුමන්තිරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පෞද්ගලිකව පනතක් ඉදිරිපත් කරලා තියෙනවා පහුගිය මීට පෙර පැවති ක්‍රමයට චන්ද විමසීම පවත්වන්න කියලා.පළාත් පාලන චන්දවිසීම තියන්න කියලා.ඒ තුළ යෝජනා කරලා තියෙනවා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණ කම්ටුවේදී අපිත් යෝජනා කළා පළාත් සභා චන්ද විමසීම හැකි ඉක්මණින්ම කඩිනමින්ම තියන්න ඕන කියලා.
දැනටමත් අවුරුදු හතක් පරක්කුවෙලා සමහර තැන්වල හොරු අරන් ගිය පළාත් සභා චන්දය ලබන අවුරුද්දේ තිබීම අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි.මම විස්සයි දහනමේ එවකට තේරීපත්වූ ජනාධිපතිවරයාට පළාත් සභා චන්දය තියන්නේ නැත්නම් මගේ ඉල්ලා අස්වීම භාරගන්න කියලා.මම නම් බලාපොරොත්තු වෙන්නේ පළාත් සභා චන්ද විමසීමත් පළාත් පාලන චන්ද විමසීමත් අනිවාර්යයෙන්ම තබන්නට ඕන කියලා.මේ පලාත් පාලන චන්ද විමසීම හැකි වහාම තබන්නට ඕනේ.පළාත් සභානම් පනත වෙනස් කරන්නට වෙනවා.
ජනාධිපතිවරණය කෙසේවත් කල් දැමීමේ හැකියාවක් නැහැ.සමහර අය කියන කරුණක් තියෙනවා පහළොස් වැනිදායින් පස්සේ පාර්ලිමේන්තුව විසිරෙව්වොත් චන්ද විමසීම ගැටලු සහගතයි කියලා .ඔය කරුණ කියන්නේ මොකක්ද දන්නවද මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබෙන්නේ ජනාධිපතිවරණය කැදවීමේ ජුලි දාහත්වැනිදා .පාර්ලිමේන්තුව විසිරෙව්වොත් ඒක පැවැත්වීමට අවම කාලය දින 52 ක් වෙනවා.නාමයෝජනාවට දින දාහතයි.
අවම සති පහයි ගත්තාම දින පනස්දෙකක් වෙනවා.ඉතිං ඕක එකතු කරලා බලලා කියනවා ජුලි දාහත බලය එනවා සැප්තැම්බර් දාහතෙන් පස්සේ ඡන්දය තියන්න වෙන්නේ කියලා.කොහොමටත් සැප්තැම්බර් 17 ඡන්දය තියන්න බැහැ.එදා පෝය දවස.ඒක නිසා 18 තියන්නත් බැහැ.මොකද පන්සලේ සිල් ගන්න පිරිස ඉන්න නිසා ඡන්ද පෙට්ටි අරන් 17 වැනිදා එන්න බැහැනේ.සැප්තැම්බර් 20 හෝ ඉන් පස්සේ තමයි මගේ අදහස.එහේම තියන්න උනත් සැප්තැම්බර් 20 උනත් ජනාධිපතිවරණය තියන්න අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරනය තියන්න පුලුවන් ජනාධිපතිතුමා කැමතිනම්.පාර්ලිමේන්තුව විසිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිතුමාට|"