හිටපු පොලිස් නිලධාරියෙකු ගස් බැද පහරදී ඝාතනය කිරීමේ සිද්දියක් 9 දින උදෑසන දඹුල්ල කණ්ඩලම 16 කොටස ප්රදේශයෙන් වාර් තා වී ඇති බව දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පොලිස් රාජකාරියේ සිටියදී වැඩ තහනමකට ලක් වූ බව කියන කණ්ඩලම දාසය ප්රදේශයේම පදිංචි ඩි . එම්. හේරත් බණ්ඩා නැමැති හතළිස් පස් හැවිරිදි දෙදරු පියකු බව දඹුල්ල පොලිසිය කියයි.
මියගිය පුද්ගලයාගේ බිරිඳ විදේගතව සිටින බවත් ඔහුගේ දරුවන් දෙදෙනා වෙනම ප්රදේශ්යක ජීවත් වන බවත් ඔහු තනිවම නැන්දම්මාගේ නිවස ආසන්නයේ ජීවත් වූ බව පොලීසිය කියයි.
මියගිය පුද්ගලයාගේ විදේශ ගතව සිටින බිරිඳගේ මව සමග දිගින් දිගටම ආරවුල් පවතින බවත් 08 රාත්රියේ මෙම පුද්ගලයා සිය නැන්දම්මා සමග ආරවුලක් ඇති වන අවස්ථාවේ නැන්දම්මාගේ සහෝදරයෙකු සහ සහෝදරයාගේ පුතෙකු පැමිණ මෙම පුද්ගලයාට සමග ආරවුලක් ඇතිකරගෙන ගුටිබැට හුවමාරුවක් සිදුවී ඇතැයි පොලිසිය සැක කරයි.
සිය නැන්දම්මා සමග ආරවුල් ඇති වූ ස්ථානයේ සිට මීටර් හයසීයක් පමණ දුරකින් පිහිටි එම කාන්තාවගේ සහෝදරියගේ නිවසට මෙම පුද්ගලයා රැගෙන ගොස් එම නිවස ඉදිරිපිට අනෝදා ගස්ක බැඳ පහර දුන් බව නිවෙස් හිමිකරු පොලිසියට ප්රකාශ කළේය.
පසුව උදෑසන වන තුරුම ගසේ බැඳ සිටි මෙම පුද්ගලයා ළඟට පැමිණ පහර දුන් තම පුතා මොහු මියගොස් ඇති බව පවසමින් ලණු ලිහා දමා වතුර ඇඟට දැමූ බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පහරදුන් බව කියන මියගිය අයගේ නැන්දම්මාගේ සහෝදරයෙකුගේ පුතෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් නැන්දම්මාගෙන් හා සහෝදරයගෙන් සහ අසල්වැසි අයගෙන් ප්රශ්න කරමින් සිටින බවත් පොලිසිය සඳහන් කළේය
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන බවද පොලිසිය පැවැසීය.
