හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත මෙරටට පැමිණෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතා සැඟවී නොමැති බවත් ඔහු විදෙස්ගත වී සිටින්නේ නිල වශයෙන් වීසා ලබාගෙන බව ද ඇමතිවරයා එහිදී සඳහන් කළේය.