මෙරව ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සම්පුර්ණ සහාය ලබාදීමට තම වෘත්තීය සමිති කෘත්‍යධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කරන ලද බව ලංකා කම්කරු එක්සත් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය එස්. සතාසිවම් මහතා පැවැසීය.
අපට දේශපාන කිරීමට රටක් තිබිය යුතු බවත්, රට ආරක්ෂා කිරීමේ අවබෝධය ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පමණක් බැවින් රට ආරක්ෂා කර ගැනීම උදෙසා මෙවර ජනාධිපතිවරණයේදී එතුමාට සහයෝගය ලබාදීමට පියවර ගන්නා බවද සතාසිවම් මහතා කීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය හා වතු ජනතාවගේ ආර්ථික නගා සිටුවීමේ දැඩි උනන්දුවක් ජනාධිපතිවරයාට ඇති බවත්, රටේ ආර්ථික තත්ත්වය ස්ථාවර කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය අනිවාර්ය හා අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇති බවද සතාසිවම් මහතා පැවැසීය.
වතුකරයේ ජනතාව අන් කවරදාටවත් වඩා මෙවර මැතිවරණයේදී ජනාධිපතිවරයා දිනවීමට දැඩි උනන්දුවකින්, ඔීනෑකමකින් සිටින බවත්, ඊට වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම පමණක් නොව වතු කම්කරුවන් පිළිබඳව හා තේ කර්මාන්තය සම්බන්ධයෙන් අනෙකුත් නායකයන්ට වඩා රනිල් වික්‍රමසිංහ මහතාට අවබෝධයක් තිබෙන බවද ලංකා කම්කරු එක්සත් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය එස්. සතාසිවම් මහතා වැඩිදුරටත් කීය.