වැලි කැනීමේ බලපත්‍රයක් දීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ගැනීමට ආධාර අනුබල දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයටට ඉදිරිපත් කළ හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන් මහතා අප්‍රේල් පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (25) නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට අල්ලස් කොමිසමට පැමිණී පසු අත්අඩංගුවට ගෙන ඇති එස්. වියලේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බව කියමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කළාය.
මහවැලි බී කලාපයේ වැව් වලින් ලබාගන්නා රොන් මඩ සහිත වැලි කැනීම සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් බලපත්‍රයක් නිකුත් කිරීමට අධාර කිරරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියමින් හිටපු අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරුන් බව කියන මඩකලපුවේ පදිංචි යෝගනාදන් රොස්මන් සහ කෞතිකිරන් ප්‍රදීපන් නමැත්තන් 2024 අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට පැමිණෙන ලෙස කළ දැනුම් දීමකට අනුව අල්ලස් කොමිසමේ පෙනී සිටි වියලේන්ද්‍රන් මහතාගෙන් ප්‍රකාශ ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් වියලේන්ද්‍රන් මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම් පිළිගනිමින් ඔහු රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළාය.
සචිත්ර ගුණසේකර