හිටපු අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු සමස්ථ ලංකා මහජන කොන්ග්රස් පක්ෂයෙ නායක මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් මහතා ගමන් ගනිමන් තිබු සුඛෝපභෝගි ජීප් රිය කරුවලගස්වැවදී අනතුරකට ලක්ව ඇති බවත් අනතුරීන් කිසිවකුටත් හානි සිදුව නැතත් වාහනයට දරුණූ හානි සිදුව ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.
රිෂාඩ් බදුර්දින් මන්ත්‍රිවරයා ඔහුගේ ආරක්ෂකයින් සමග මන්නාරම සිට පුත්තලම බලා එමින් සිටියදී කරුවලගස්වැව ඉන්ධන හල ඉදිරීපිටදී යතුරු පැදි කරුවෙකු මාර්ගය හරහා දැමිමට යාමේදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුරීන් යතුරු පැදි කරුට සුළු තුවාල සිදුව ඇති බවත් බරපතල නොවන බවත් කියයි.
කෙසේ නමුත් රිෂාඩ් බදුර්දින් මන්ත්‍රිවරයා ගමන් ගත් සුඛෝපභෝගි වාහනය එහි රියදුරුට පාලනය කර ගැනිමට නොහැකිවි මාර්ගයෙන් ඉවතට පැන අසල කානුවක ගැටි නැවති ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රිවරයා සමග ආරක්ෂකයින් හා තවත් කිප දෙනෙකු සිට ඇති බවත් එම ස්ථානයෙ සිටි පිරිස් පවසති.
අනතුරීන් වාහනයෙ මන්ත්‍රිවරයාට හෝ එම වාහනයෙ ගමන් ගත් කිසිවකුටත් අනතුරක් සිදුව නැති බවත් වාහනය කානුවට වැටිමේන් පසු එයට දරුණු හානි සිදුව තිබු බව කරුවලගස්වැව පොලිසිය කියයි.
අනතුරින් තුවාල සුළු තුවාල ලැබු යතුරුපැදිකරු පුත්තලම මුලික රෝහලට යැවිමට කරුවලගස්වැව පොලිසිය කටයුතු කර තිබුනී.
කානුවට වැටි ගොස් තිබු මන්ත්‍රිවරයා ගමන් ගත් වාහනය එම ස්ථානයෙ සිටි පිරිස් විසින් දැඩි වෙහෙසක් දරා මාර්ගයට රැගෙන මිටර් 200 කටත් අඩු දුරකින් තිබු කරුවලගස්වැව පොලිස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කර තිබුනී.
කරුවලගස්වැව පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජීව අලවත්ත මහතා ඇතුළු රථවාහන අංශ නිළධාරීන් අනතුර සම්බන්ධව පරික්ෂණ ආරම්භ කර ඇති බව කියයි.
පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මේ සම්බන්ධව පරික්ෂණයක් පවත්වන ලෙසට පොලිසියට උපදෙස් ලබා දී තිබුනී.