හිටපු අමාත්‍යවරුන් සිව් දෙනෙක් සිය නිල නිවාස භාරදුන් බව දැනුම් දී තිබේ තිබේ. ඒ අනුව තමන් නිල නිවාස භාරදුන් බව ගාමිණි ලොකුගේ, දිලුම් අමුණුගම , රමේෂ් පතිරණ හා අජිත් රාජපක්ෂ යන හිටපු අමාත්‍යවරු“අද” ට පැවසූහ.
හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේ මීට සතියකට පෙර ඔහු සිය නිල නිවස භාරදුන් බවයි. එහිදී එම නිවසට අදාළ බිල්පත් ගෙවා අවසන් කළ බවත්, නමුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් හා ප්‍රවාහන අමාත්‍යාංශයෙන් තමන් නිවස භාරදුන් බවට ලියවිල්ලක් ලබානොදුන් බව ද ලොකුගේ මහතා සඳහන් කළේය.
ලිපියක් යොමු කරමින් හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ තමන් මේ වන විට නිල නිවස භාරදුන් බවය. තමන් නිල නිවස භාරගත් දා සිට භාරදෙන තෙක් අදාළ බිල්පත් ගෙවීම සිදු කළ බව ද ඔහු සඳහන් කරයි.ඊට අදාළව ලේඛනයක් ද ඇමුණුම් ලෙස හිටපු අමාත්‍යවරයා යොමු කර ඇත.හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ ඔහු සැප්තැම්බර් 25වැනි දින සිය නිල නිවස භාරදුන් බවය.
හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ඔක්තෝබර් 01වැනිදා නිල නිවාසයට අදාළ කුලී මුදල, වතුර බිල් හා ජලබිල් ද ගෙවා අවසන් කර නිවසේ යතුර භාරදුන් බව පවසයි.