දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පනවා තිබූ නඩු කටයුත්තකට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් යටතේ ශ්‍රී ලංකාවට 07/21 දින අලුයම පැමිණෙමින් සිටි අසංක අබේගුණසේකර නැමැති පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .
ගෝනවල , කොහොල් විල පාරේ පදිංචි අසංක අබේගුණසේකර මහතා හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල්වරයෙකු වන අතර හිටපු අමාත්‍ය ඔසී අබේගුණසේකර මහතාගේ පුත්‍රයෙකු බව ද සදහන් වේ .
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා ඇති 81491/22 දරන නඩු කටයුත්තට අදාළව මෙම ගුවන් ගමන් තහනම පනවා තිබූ බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
07/21 දින අලුයම 03.19 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් මොහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් මුළින්ම අත් අඩංගුවට ගෙන තිබේ .
පසුව 07/21 දින අලුයම 05.20 ට පමණ අසංක අබේගුණසේකර මහතා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් ගුවන් තොටුපොළ ආගමන විගමන පරිශ්‍රය වෙත කැදවා භාර දීමට පියවර ගෙන තිබුණි .
අසංක අබේගුණසේකර මහතා වෙනුවෙන් නීතීඥයින් පිරිසක් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ සිටින අතර , අබේගුණසේකර මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර දීමට පියවර ගන්නා බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතා මේ පිළිබඳ විමසීමක දී පැවසීය .