විදෙස් ගතව සිට මෙරටට පැමිණි පියා ගෙන ආ හෑන්ඩ් ෆ්‍රී දෙක කණේ ගසාගෙන ජංගම දුරකතනයෙන් ගීතයක් අසමින් දුම්රිය මාර්ගයේ ගමන් ගත් සාමානය පෙළ විභාගයට මුහුණදීමට ප්‍ර වේශපත්‍ර අත්සන් කිරීමට යාමට නියමිතව සිටි පාසල් සිසුවෙක් ඊයේ (2) පස්වරුවේදී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩදී දුම්රියක ගැටී මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
පදිංචි දැනට තාවකාලිව අම්බලන්ගොඩ පදිංචි ගාල්ල ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන තුසුදු සංදීප් නමැති සිසුවාය.
අම්බලන්ගොඩ කන්දේගොඩ දුම්රිය ස්ථාන සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයිය පිහිණුම් තටාකය අසළ දුම්රිය හරස් මාර්ගය අතරදී අනුරාධපුර සිට බෙලිඅත්ත දක්වා ගමන් කරන රජරට රැජින (අංක 8086) දුම්රියේ ගැටිමෙන් මේ සිසුවා ඊයේ (2) පස්වරුවේදී මිය ගිය බවද පොලීසිය කියයි.
සිසුවාගේ පියා විදෙස් රටක සිට ගෙන ආ හෑන්ඩ් පී දෙකක් ඔහුට ලබාදී ඇති බවත් එය ලබාදී ඇත්තේ මේ හෑන්ඩ් පී දෙක කන් දෙකේ ගසා ගත් විට අවට කිසි දෙයක් නොඇසෙන බැවින් මෙවා පැළද පාරේ තොටේ නොයන ලෙසට අවවාද කරමින් බවත් පොලීසිය කියයි.
දුම්රියේ ගැටුණු සිසුවාගේ සිරුර කොටස් කිහිපයකටම වෙන්වී තිබුණේ ඔහු හදුනා ගැනීමට නොහැකි ආකාරයෙන් බවත් පසුව ඔහු එම අවස්ථාවේ හැද සිටි ඇදුම් කොටස් වලින් සහ මුදල් පසුම්භියෙන් බවත් පොලීසිය කියයි.
දුම්රියේ ගැටි මිය ගිය සිසුවාගේ දේහය ඊයේ(2) පස්වරුවේදී බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ බවද පොලීසිය කියයි. අම්බල්න්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩි දුර පරීක්ෂණ පත්වයි.
