පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය එම පුද්ගලයාගේ බදු අංකය (TIN) ලෙස භාවිත කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මේ හරහා රාජ්‍ය ආදායම පිළිබඳ පැහැදිලි දත්ත පද්ධතියක් නිර්මාණය වන බව ද ඔහු පැවැසීය. අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින්ගේ ජීව දත්ත තොරතුරු පද්ධතිය උපයෝගී කරගනිමින් මෙම ක්‍රියවලිය සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.