හැටන් දික්ඔය දරවල වත්ත පහළ කොටසේ වතු කම්කරු පවුල් 200 ක් පමණ අද (31) දින සිට දින 14 ක දැඩි ස්වයං නිරෝධානයකට යොමු කල බව අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා පැවසිය.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වු දේව ගැතිවරයෙක් පසුගියදා හැටන් දික්ඔය ප්‍රදේශයේ දේවස්ථානයකට පැමිණි දේව යාඥාවක් පවත්වා ආහාර මලු බෙදා දි එම දේවගැතිවරයා දිවයිනෙන් බැහැරව යාමෙන් පසු ඔහුට කොවිඩ් 19 වෛරසය වැළදි ඇති බවට තහවුරු වි තිබුණි.
එම දේවස්ථානයේ රැඳි සිටින කිහිපදෙනෙකු මේ වන විට සෞඛ්‍ය අංශ විසින් ස්වයං නිරෝධානයකට යොමු කර ඇති අතර , එම දේව මෙහෙයට සහ ආහාර මලු ලබා ගැනිමට පැමිණි පිරිස හඳුනාගත නොහැකි නිසා එම ප්‍රදේශයට වෙළඳ කලාප වල සහ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටි වතුකරයේ තරුණ තරුණියන් විශාල පිරිසක් පැමිණ ඇති නිසාත් , එම පවුල් දැඩි ස්වයං නිරෝධානයට යොමු කල බව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.