හාල් තොගයක් ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අද (24දා) උදෑසන බදුල්ල මහියංගන ප්රධාන මාර්ගයේ බණ්ඩාරවෙල දික්කරාව ප්රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් අනතුරට ලක්ව තිබුණි.
මහියංගන ගිරාදුරුකෝට්ට ප්රදේශයේ සිට බණ්ඩාරවෙල දක්වා හාල් තොගයක් ප්රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය බදුල්ල බණ්ඩාරවල මාර්ගයේ දික්කරව ප්රදේශයේදී ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩ දීමට යෑමේදී මාර්ගයේ ඉවුර කඩාගෙන පෙරළී යාමෙන් අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි රියැදුරු සහ රිය සහායකයා ලොරි රථයෙන් පිටතට පැන දිවි ගලවාගෙන ඇත. අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නොමැත. බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
නිශ්ශංක මිගහකිවුල


