රට තුළ පවතින පොල් මිල අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරි සති 2ක ඇතුළත සතොස හරහා පොල් ගෙඩි මිලියනයක් බෙදාහැරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එක පොල්ගෙඩියක් රුපියල් 130ක මිලකට සතොස හරහා ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රජයට අයිති වතුවල තිබෙන පොල් නිෂ්පාදන මෙලෙස අඩු මිලට අලෙවි කිරීමට නියමිතය.
මේ අතර සහල් හිඟයට විසඳුමක් ලෙස දිනකට හාල් කිලෝ ලක්ෂ දෙක බැගින් පාලන මිලට වෙළඳපොළට නිකුත් කිරීමට සහල් මෝල් හිමියන් එකඟ වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.