රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස් කර තිබෙන නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම නැකත් සීට්ටුව ප්‍රවීණ ජෝතීර්වේදීන් විසි දෙදෙනකුගේ කණ්ඩායමක් විසින් සකස් කර තිබෙන බවත්, මෙම කටයුතු සඳහා දායක වූ ජ්‍යෝතිර්වේදියෙකු තවත් සුළු පිරිසක් සමග සම්බන්ධ වී මෙතෙක් පැවැති සම්ප්‍රදායට අභියෝග කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නැකත් සීට්ටුව සම්බන්ධයෙන් විරෝධතා දක්වා තිබෙන බවත් එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙතෙක් සම්ප්‍රදායිකව පැවති ශ්‍රී ලංකීය සංස්කෘතික අන්යනතාවට හානි කර තත්වයක් ඇති කිරීම සඳහා මෙම පිරිස් කටයුතු කරන බවට පැහැදිලිවන බවද සඳහන් කරයි.
මේ අනුව 13 වන සෙනසුරාද දින අපරභාග 9.05ට සිංහල අලුත් අවුරුද්ද උදාවන අතර පුණ්‍ය කාලය සෙනසුරාදා අපරභාග 2.41 සිට 14 වන දින අලුයම 3.29 දක්වා වේ.
අහාර පිසීම- 13 වන දින සෙනසුරාදා රාත්‍රි 11.06 නීල වර්ණවස්ත්රාභරණයෙන් සැරසි දකුණු දිසාව බලා ළිප් බැඳ ගිනි මොලවා තල උක් හකුරු මිශ්‍ර කිරිබතක් පිළියෙළ කර ගනු මැනවි.
වැඩ ඇල්ලීම- එදින රාත්‍රී 12.06ට හෙවත් 14 ඉරිදා එළිවන පාන්දර නීල වර්ණ වස්ත්‍රාභරණවලින් සැරසී දකුණු දිසාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභව කිරීම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යාම- අප්‍රේල් මස 17 වන දින බදාදා පූර්ව භාග 6.52 කට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිසාව බලා පිටත්ව යාම මැනවි.