සිරි දළඳා වන්දනාව වෙනුවෙන් බැතිමතුන් පෝලිමේ සිටින අවස්ථාවක පොලිස් නිලධාරියෙක් විසින් යුද හමුදා නිලධාරියෙකුට බැණ වදින දර්ශන පෙළක් ඇතුළත් වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
මෙම වීඩියෝ පටය වැඩබලන පොලිස්පතිතුමාගේ අවධානය යොමුවීමෙන් පසු මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝග කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරී විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනයේදී අණාවරණය වන කරුණු අනුව අදාළ පොලිස් නිලධාරියාට එහෙරවි දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.