දෙහිවල, ජාතික සත්වෝද්‍යානයට අයත් හම්බන්තොට සෆාරි උද්‍යානයේ සිටි සීබ්රා සත්වයෙකු අසනීප තත්වයෙන් දෙහිවලට ගෙනවිත් සිටියදී හදිසියේ 13 රාත්‍රිය මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ආරංචි මාර්ග කියා සිටී.
මෙම සත්වයා දෙහීවල සිට හම්බධාතොට සපාරී උද්‍යානයට රැගෙන ගොස් මහජන ප්‍රදර්ශණයට යොමුකර දීර්ඝ කාලයක් එහි ගත කරමින් සිටින අතර හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් සදහා එහි පශු වෛද්‍යවරු ප්‍රතිකාර කලත් අසනීප තත්වය උත්සන්නවී ඉකුත් 13 වන දින සිහිමද ගතියෙන් දෙහිවල සත්වෝද්‍යානයේ පශූ වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ ප්‍රතිකාර කිරීමට රැගෙන ඒමට කටයුතු කරනු ලැබ ඇත.
මේ අතර එදින රාත්‍රියේම අසනීප තත්ත්වය උත්සන්න වී එම සතාවයා මරණයට පත්වී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශකයෙකු පැවසීය.
මේ අනුව එම සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙනිය පශූ වෛද්‍යවරු ඇතුලු සත්වෝද්‍යානය වෛද්‍ය කණාඩායම සමග දෙහිවල පශූ වෛද්‍ය අංශයේදී සිදු කිරීමට නියමිතව තිබිණි.
මෙම සත්වයා මිය යාමට විරෝධය පල කරමින් දෙහිවල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ විසින් විරෝධතාවයක් කෑම පැය තුල පවත්වනු ලැබිණි.
එහිදී ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන සේවක සංගමයේ සභාපති ක්‍රිශාන්ත ක්‍රිස්ටෝපර් මහතා මෙසේ පැවසීය .
"ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සතුව සිටින සීබ්රා සතුන්ගේ බෝවීම අඩු නිසා ශ්‍රී ලංකාවට සිටින එකම පිරිමි සීබ්රා සත්වයා දෙහිවලට ගෙනවින් දෙන ලෙස ඉල්ලා සිටියා ඒ අනුව එම සත්වයා ගෙන ඒමේ සූදානමින් එහිසිට පශූ වෛද්‍ය වරු එන්නත් ලබා දෙමින් පෙති වර්ග ලබා දෙමින් සිටින අතර සත්වයාට අසනීපවී තිබෙනවා මෙසි ගෙන ඒමට සිහිනැති කර ආ බව දැන ගන්න ලැබෙනවා. මේ අතර පශූ වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කරමින් සිටියත් 14 උදෑසන සත්වයා මිය ගිය බව දැනගන්න ලැබුනා .සේවකයනට බලන්නවත් ඉඩක් ලැබුනේ නෑ .මරණ පරීක්ෂණයත් සිදුකරලා අවසානයි .ඒ නිසා අපි වෘත්තීය සමිති වශයෙන් ඒකාබද්ධව සතුන් රැක ගැනීමේ උවමනාවෙන් මේ දැනුමක් නොමැති පශූ වෛද්‍ය කණ්ඩායම ඉවත්කර දෙන ලෙස පාලනාධිකාරියන් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ ආකාරයට අපිට සිටි ජිරාෂ් සතුන් 6 දෙනාගෙන් 4 දෙනෙකුම මේ ආකාරයට මිය ගියා අද වනතුරු හරි පරීක්ෂණයක් නෑ ඒ වෛද්‍යවරුම අදටත් මේ ප්‍රතිකාරවල සිටින නිසා මේ මරණ සිදුවන බව අවධාරනය කර සීටිනවා."
ඒච්.ඒම්. ධර්මපාල