හම්බන්තොට දිස්ත්‍රික් මහ රොහලේ සේවය කළ වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය කිසිදු නීත්‍යානුකූල දැනුම්දීමකින් තොරව පෙරේදා (13 ) හදිසියේ විදෙස්ගත වීම හේතුවෙන් රෝහලේ වැඩකටයුතුවලට බාධා ඇති වී ඇති බව හම්බන්තොට රෝහලේ කාර්ය මණ්ඩලය කියයි.
මෙම වෛද්‍යවරිය පසුගිය 12 වැනිදා සිට 16 වැනිදා දක්වා අනියම් නිවාඩු අනුමත කරවාගෙන සිට ඇති බවත් ඇය 13 වැනිදා විදෙස්ගත වී ඇත. ඇය විදෙස්ගත වූ බවට පසුව වට්ස්ඇප් පණිවුඩයක් මගින් රෝහල් බලධාරින්ට දන්වා ඇති බවද රෝහලේ කාර්ය මණ්ඩලය පවසයි.
මෙම වෛද්‍යවරිය විදෙස්ගත වී ඇත්තේ කිසිදු විදෙස් නිවාඩු අනුමත කරවාගැනීමකින් තොරව බවත් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාර 5ක් සහ දැඩි සත්කාර 2ක් ක්‍රියාත්මක වන අතර දැනට රෝහලේ සේවය කිරීමට සිටින්නේ එක් වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු පමණ බවත් රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.
හම්බන්තොට මහ රෝහලේ සේවය කළ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා ද ඉකුත් වසරේ අගෝස්තු 12 වැනිදා මේ ලෙසටම හදිසියේ විදෙස්ගත වී තිබුණි. ඔහු දින කිහිපයක නිවාඩුවක් ලබාගන්නා බව දන්වමින් විදෙස්ගතව තිබූ අතර පසුව වට්ස්ඇප් පණිවුඩයක් මගින් මේ බව රෝහල් බලධාරින්ට දන්වා තබා ඇත
.ඔහු විදෙස්ගත වූ පසු රෝහලේ ශල්‍යකර්ම කිරීමේදී දැඩි අසීරුතාවකට රෝහල් බලධාරින් මුහුණ දුන් අතර ඉන් පසුව රෝහලට වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් පත්කර එවා තිබුණු අතර පෙරේදා හදිසියේ විදෙස්ගත වී ඇත්තේ එලෙස පත්ව ආ විශේෂඥ වෛද්‍යවරියක් බව රෝහලේ කාර්ය මණ්ඩලය කියයි.
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ සුරංග උබේනායක මහතා පවසන්නේ පවතින තත්ත්වයන් යටතේ රෝහලේ ශල්‍යකර්ම සීමා කිරීමට සිදුවන බවත්, දැනට රෝහලේ සිටින නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා යටතේ සතියේ දිනවල පමණක් ශල්‍යකර්ම කිරීමට සිදුවනු ඇති බවද ඔහු පැවසීය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිදු රෝහලක රුධිර පාරවිලයනය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු නොමැති බව ද වාර්තා වේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් තංගල්ල, තිස්සමහාරාම, වලස්මුල්ල යන මූලික රෝහල් තුනම වෙනුවෙන් රුධිර පාරවිලයනය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු සිට ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ පමණි. දැනට මාස තුනකට අධික කාලයක් තිස්සේ හම්බන්තොට මහ රෝහලේ එම වෛද්‍යවරයාගේ පුරප්පාඩුවක් පැවතීම හේතුවෙන් සමස්ථ දිස්ත්‍රික්කයේම රුධිර පාරවිලයන කටයුතුවලට බාධා සිදුව ඇති බව හම්බන්තොට රෝහලේ කාර්ය මණ්ඩලය පවසයි
බෙලිඅත්ත කවීෂා