කොළඹ සහ කිරිබත්ගොඩ ප්රදේශයෙන් පැමිණි පාසල් සිසුන් පිරිසක් හන්තාන කන්ද තරණය කරමින් සිටියදී ඔවුන් එහි අතරමංව සිටින බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දීමකින් අනතුරුව පොලිසිය සහ යුද හමුදාව එක්ව මහත් පරිශ්රමයක් දරා ඔවුන් බේරා ගත් බව පොලිසිය කියයි.
මේ දිනවල පාසල් නිවාඩු කාලය බැවින් කොළඹ සහ කිරිබත්ගොඩ ප්රදේශයේ දස දෙනෙකුගෙන් යුත් වයස අවුරුදු 16-17 වයසේ පාසල් සිසුන් කණ්ඩායමක් ඊයේ (04) පෙරවරුවේ පේරාදෙණිය පොලිස් වසමේ සරසවිගම ප්රදේශයෙන් හන්තාන කන්ද තරණය කොට ඇති අතර සවස 6.00 පමණ වන විට අධික මීදුම සහ ශීතල හේතුවෙන් සිසුන් කිහිප දෙනෙකුගේ කෙන්ඩා පෙරළි ගමන් මාර්ගය සොයා ගැනීම අපහසු වී තිබේ.
පසුව එම සිසුන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් පසු පොලිසිය සහ දෙවැනි සිංහ රෙජිමේන්තුවේ සොල්දාදුවන් එක්ව මහත් පරිශ්රමයක් දරා ඊයේ (05) අළුයම් කාලයේ සරසවිගම ප්රදේශයෙන් එම සිසුන් ආරක්ෂිතව පහළට රැගෙන විත් තිබේ.
පොලිසිය දැනුම් දෙන්නේ දෙසැම්බර් මාසයේ හන්තාන කඳු ප්රදේශයේ අධික මීදුමක් පවතින බැවින් හන්තාන තරණය සිදු නොකරන ලෙසත් හන්තාන තරණය කිරීමට පෙර පොලිසිය දැනුවත් කොට ඒ සඳහා සුදුසු සහායකයෙකු ලබා ගන්නා ලෙසත්ය. හන්තාන තරණය කිරීමෙන් පසු මීදුම වැටීමට පෙර අවම වශයෙන් සවස 3.00 පමණ වන විට පහළට බැසීම ආරම්භ කළ යුතු බවද පොලිසිය කියයි.