හදිසි රෝග තත්ත්වයකදී පමණක් ‘1990’ සුවසැරිය ගිලන් රථ සේවාව භාවිත කරන ලෙස ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.
එහි සභාපති, විශේෂඥ වෛද්‍ය ඉනුක ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ, සුළු රෝග තත්ත්වවලදී පවා ජනතාව සුවසැරිය ඇමතීම එහි කාර්යමණ්ඩලයට මෙන්ම, හදිසි රෝගී සත්කාර කටයුතුවලටද බාධාවක් වී ඇති බවයි.
ඒ අනුව ජනතාවද බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර හදිසි රෝග තත්ත්වයකදී රෝහලට පැමිණි පසු බාහිර රෝගී අංශයට (OPD) ගොස්, ‘චැනල් කරමින් කාලය ‘කා නොදමා හදිසි ප්‍රතිකාර ඒකකයට යන ලෙසද හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, හෘදයාබාධ, ආඝාත, හදිසි අනතුරු, ආසාදන සංකූලතා, ශ්වසන ආබාධ සඳහා හදිසි ප්‍රතිකාර ලබා දිය යුතු බවයි.