ගරු අධිකරණයෙන් වරෙන්තු 07ක් නියෝගකර ඇති අපරාධකරුවෙකු මුන්දලමපොලීසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී 01දා අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවටපත්ව ඇත්තේ මුන්දලම, කිරිමට්ටාව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු නිවෙස් බිදීම් මත්ද්‍රව්‍ය ජාවාරම් ගනනාවකට සමබන්ධව ගරු අධිකරණයේ විභාග වන නඩු 07ට ඉදිරිපත් නොවී වරෙන්තු ලැබ ඇති අතර මෙම සැකකරු විසින්ම 2024. 04. 16 දින මුන්දලම ප්‍රදේශයේ වෙළඳසැලක ඉබියතුරු කඩා එම වෙළඳසළේ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධිය එම පුද්ගලයා විසින්ම සිදුකර ඇති බවට සී සී ටීවී දරශණ වලින් තහවුරුව ඇත.
මෙම ප්‍රදේශයේ කොල්ලකෑම් සිදුකර කොළඹ ප්‍ර දේශයේ දීරඝ කාලයක සිට පදිංචිව ඇති සැකකරුව ලද තොරතුරකට අනුව වහාමක්‍රියාත්මක වූ මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද 2 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
පුත්තලම කොට්ඨාස ජේෂ්ඨ පොලිස් අධිකාරී උපදෙස්මත මුන්දලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. (IJ)
ලලිත් ඒ කේ නවරත්න