අනතුරකට ලක්ව මොළය මියයෑමෙන් ජීවිතක්ෂයට පත්වූ මලියදේව බාළිකා විදුහලේ විහගනා ආරියවංශ දියණිය ඊයේ ප්‍රතිඵල නිකුත් වූ අපොස උසස්පෙළ විභාගයෙන් ඒ් සාමාර්ථ තුනක් සහිතව සරසවි වරම් හිමිකරගෙ තිබුණි.
ඇය ව්‍යාපාර අධ්‍යනය, ගිණුම්කරණය හා ආර්ථික විද්‍යාව යන විශයන් ත්‍රිත්වයටම ඒ් සාමාර්ථ ලබා ගනිමින් වාණිජ විෂයධාරාවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 176 හා සමස්ත දිවයිනේම 2256 වැනි ස්ථානය හිමිකරගෙ තිබුණා.
මෙම ප්රථිඵලයේ සතුට විදීමට ඇය ජීවත්ව නොසිටියත් ඇය තවත් ජීවිත කිහිපයකට ජීවය ලබාදෙමින් මීට මාස කිහිපයකට පෙර ජීවිතයෙන් සමුගත්තා. ඒ් ඇයගේ හදවත් හා පෙනහලු ඇතුළු අවයව හතක් වෙනත් රෝගී බද්ධ කිරීමෙන්. මෙහිදී ලංකාවේ පළමුවර එකවර සිදුකළ හදවත් හා පෙනහලු බද්ධ කිරීමේ සැත්කමට යොදාගත්තේද විහගනාගේ අවයවයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_eb22db5b0c.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_8275719355.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_54bb6c72f2.jpg)