හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ලට යන මාර්ගයේදී පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට හංවැල්ල ගාලබැඳිහේන ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
ඝාතනයට යොදා ගත් යතුරුපැදි 2 ක් ද පොලිසිය මගින් සොයාගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ වරකාපොල නැව්ගල අංක 23 නිවසේ පදිංචිව සිටි එච් කේ මහේෂ් ගුණරත්න 31 යන අයයි
ඉකුත් 6 වෙනිදින මෙම ඝාතනය සිදුකර තිබූ අතර සිදුකළ විමර්ශනවලදී වයස අවුරුදු 34 පුද්ගලයන් දෙදෙනෙකු උඩුමුල්ල හා වටරැක ප්රදේශවලදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිසිය සඳහන් කරයි
මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙරද හංවැල්ල පොලිසිය මගින් පුද්ගලයන් දෙදෙනකු මෙන්ම යතුරු පැදියක් සහ තියුණු ආයුධයක්ද අත්අඩංගුවට ගෙන තිබිණි. ඝාතනයට හේතුව මත්කුඩු සම්බන්ධයෙන් මුදල් ආරවුලක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් අවිස්සාවේල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.