සාලියවැව පොලිස් වසමට අයත් දුනුමඩලෑව යාය 6 ප්රදේශයේදී කිරි අම්මා සහ සීයා (පියාගේ මව සහ පියා) අද (12) දහවල් ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනයකර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මුණුබුරෙකු අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ යාය6 දුනුමඩලෑව ලිපිනයේ පදිංචි, තෙන්නකෝන් මුදියන්සේලාගේ උකුබණ්ඩාගේ මැණික්රාළ (80) සහ තෙන්නකෝන් මුදියන්සේලාගේ මැණික්රාළගේ සුමනාවතී (76) අඹුසැමියන් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය වන අවස්ථාව වනවිට මියගිය අයවළුන් සහ සැකකරු එකම නිවසේ වාසය කරමින් සිට ඇති බවද පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
කරුවලගස්වැව ජයරත්න වික්රමාරච්චි
