සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරිම යටතේ ලබා දිය යුතු ඉතිරි කොටස ලබා දිම ප්‍රමාද කරමින් තිබෙන නිසා අදාල කොටස ලබා ගැනිමට ලබන සතියේ සිට වෘත්තිය ක්‍රියා මාර්ග සිදුකිරිමට තිරණය කර තිබෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සදහන් කරයි.
ආර්ථික යුක්තිය ඉටු කිරීමට අදාළව සකස් කල තාක්ෂණික වාර්තාවට අනුව පළමු කොටස ලබා දිමෙන් අනතුරුව, ඉතිරි කොටස කඩිනමින් ලබා දෙන බවට රජය පොරොන්දු වුවත් මෙතෙක් ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කර නොමැති බවද එම සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ්. මහතා සදහන් කලේය.
මේ අනුව ලබන සතියේ සිට අදාල ඉල්ලිම් මුල් කර ගනිමින් වෘත්තිය ක්‍රියා මර්ග සිදුකිරිමට සැලසුම් කර තිබෙන බවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීම සාධාරණ බව රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගනු ලැබුවද, රටේ පවතින අහිතකර මුල්‍යමය තත්ත්වය නිසා අදාල කටයුතු සදහා කිසියම් කාල සීමාවක් අවශ්‍ය බව පුන පුනා ප්‍රකාශ කළ බවද පවසා සිටියේය
කෙසේ නමුත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආර්ථික යුක්තිය ඉටුකිරීම සඳහා රජයට තිබූ ආර්ථික අපහසුතාවය සත්‍ය තත්වයක් නොවන බව, රජය විසින් ඉන්පසු විවිධ පාර්ශ්ව සඳහා දීමනා ලබාදීමේ ක්‍රමවේදය මගින් තහවුරු කර තිබෙන බවත් මේ වන විට සමස්ත රාජ්‍ය සේවකයන් රජයේ එම දෙබිඩි පිළිවෙත සහ අසමාන හැඳි වලින් බෙදීමේ ක්‍රියා පිළිවෙතට එරෙහිව විවිධ වෘත්ති ක්‍රියා මාර්ග සිදුකරමින් සිටින බවද පැවසිය.
මේ නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආර්ථික යුක්තියට අදාළ දෙවන කොටස පිළිබඳව රජයේ එකඟතාවයන් ලබාදීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම්, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ලෙසද වෘත්තිය ක්‍රියා මාර්ග ගැනිමට කටයුතු කරන බවද සදහන් කලේය