කෝවිඩ් -19 මර්දනයට අදාළ චක්‍රලේඛය පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
මේ දක්වා බලාත්මකව තිබු, දෙසැම්බර් අග දී නිකුත් කරනු ලැබු ජනවාරි මස 31ක දක්වා ක්‍රියාත්මක වීමට නියමිත මාර්ගෝපදේශ චක්‍රලේඛය මේ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පෙබරවාරි මස 28 දක්වා එය දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.