මැතිවරණයට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය පැවැත්විම ඉතා අසීරු බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.
වන්නි දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී මැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පවසාසිටියේ,
‘ඡන්දය විමසීමේදී අනුගමනය කල යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳ මාර්ගෝපදේශක පිළිබඳව නොපමාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙසට නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොකලහොත් මැතිවරණය පැවැත්වීම ඉතාමත් අසීරු වෙනවා මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රචාරය නොකොට මුඛ ආවරණ පළඳින්න, අත්සෝදන්න මීටරයේ දුරින් ඉන්න කියා ජනතාවට ප්‍රකාශ කිරීම ඵලක් නැහැ. එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම අනිවාර්යය දෙයක්.
ඒ වගේම තමයි මේ වෙනකොට රාජාංගණයේ තැපැල් ඡන්ද කල් දමන්න සිදුවෙලා තියෙනවා. එසේ සිදු කලේ රාජාංගණයේ රජයේ කාර්යාල නිරෝධායනයට යටත් කොට තිබීම හේතුවෙන්. ඒ නිසා අපට අපහසුයි එය කළමනාකරනය කරගන්න. අනෙක් කාරණාව තමයි ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ට නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීමටත් එම ජනතාවට සේවය සැපයීමටත් සිදුව තිබෙනවා. ඒ නිසා අපට ඔවුන්ගේ තැපැල් ඡන්ද භාවිතය කළමනාකරනය කරගන්න අපහසුයි.
එයින් වෙනත් රජයේ කාර්යාල, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තැපැල් ඡන්දය විමසනවාද කියා කළමනාකරණය කරගන්නත් අපහසුයි. මේ ගැටලු හේතුවෙන් තමයි රාජාංගණයේ තැපැල් ඡන්දය කල් දැමීමට සිදු වුනේ දින 14 ක් ගියහම ආරක්ෂාව තහවුරු වුනහම රාජාංගණයේ තැපැල් ඡන්දය පැවැත්වීමට හැකි වෙනවා.
අවසාන වශයෙන් කොරෝනා වයිරසයේ දෙවන රැල්ලක ව්‍යාප්තියක අවධානමක් ගැන අප විශ්වාස කරන්නැහැ. අවධානම වලක්වා ගැනීමට අපි අවශ්‍ය පියවර කරගෙන යනවා. ඒ නිසා මැතිවරණය පවත්වාගෙන යාමට බාධාවක් නොවේ කියා අප සිතනවා. සෞඛ්‍ය උපදෙස් හා සමාජ දුරස්ථභාවය පිළිපැදීමෙන් අපට පුළුවන් අවධානම තුරන් කරගන්න.
අපි ජනතාවගෙන් වගේම දේශපාලඥයින්ගෙනුත් ඉල්ලා සිටින්නේ මේ අවධානම තුරන් කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව ක්‍රියාකරන්න කියලයි.