සෞඛ්‍ය ක්ෂේත්රයේ රැකියාවල නිරත නිලධාරීන් හට තැපැල් ඡන්ද භාවිතා කිරීමට අවස්ථාව ලබා නොදීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවින්ද්‍ර කහදවආරච්චි මහතා පවසයි.
කහදවආරච්චි මහතා මෙසේ ප්‍රකාශ කරනු ලැබුවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ විශේෂයෙන් හෙද කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද අයිතිය ලබා නොදීම පිළිබඳ මාධ්‍ය මාතලේදී පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට ඊයේ (15) වන දින එක්වෙමින්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ කහදවආරච්චි මහතා
රට තුළ සෞඛ්‍ය ක්ෂේත්රයේ හෙද කාර්ය මණ්ඩලයේ හෙද හෙදියන් 3600 ක් පමණ සේවය අතහැර ගොස් විදේශ ගතවී ඇති බවත් රට පුරා දැඩි හෙද හිඟයක් පවතින බැවින් තැපැල් ඡන්ද අයිතිය ලබා නොදුන්නොත් රට පුරා විසිරී සිටින මොවුන්ගේ ඡන්ද අයිතිය උල්ලංඝනය වනවා.
මේ පිළිබඳව සංඝමයක් ලෙස අපි මැතිවරණ කොමිසන් සභාවෙන් හෙද කාර්ය මණ්ඩලය සඳහා තැපැල් අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් ඔවුන් ලිඛිතව අප වෙත දන්වා ඇත්තේ 1981 අංක 15 දරන මැතිවරණ පනත අනුව මැතිවරණ රාජකාරී සඳහා සෘජුවම දායක වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හැර අනෙකුත් කාර්ය මණ්ඩල වලටතැපැල් ඡන්ද අයිතිය ලබාදීමට නොහැකි බව.
මෙම මැතිවරණ පනත අනුව සෞඛ්‍ය ලේකම්වරයාට බලය පැවරී තිබෙනවා සියලුම සියලුම සේවකයින්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා නිවාඩු ලබාදීමට .අපි මේ තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිඛිතව දැනුවත් කළද තවමත් ඒ පිළිබඳව අප වෙත දැනුම් දීමක් සිදුකළ නෑ.
අප සේවාවේ ස්වභාවය අනුව නිවාඩු ලබාදීම ක්ෂණිකව කළ නොහැකියි ඒ පිළිබඳව කල්තියා දැනුම් දිය යුතුයි .සායන කටයුතු ශල්‍ය කර්ම පිළිබඳව කලින් දැනුවත් කළ යුතු වනවා.
අපි යළිත් සෞඛ්‍ය ලේකම්වරයාට හා පළාත් සෞඛ්‍ය ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සඳහා එම ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව මේ පිළිබඳව දැනුවත් කරන ලෙසයි.තම ආයතන වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කළමනාකරණය කර කරගනිමින් සේවකයින්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් අපගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කළහොත් ඡන්දයෙන් පසුව මේ පිළිබඳව අධිකරණ හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති. කහදවආරච්චි මහතා වැරදි දුරටත් සඳහන් කළේය.