කෝරෝනා වසංගතය පැරදවීමට දැඩි කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය කාර්යමණ්ඩලවල දුෂ්කරතාවන් විසඳාගැනිමටද කමිටුවක් පත්කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පැවසීය .
කෝවිඩි -19 හෙවත් නව කොරෝනා රෝග වසංගතය පැරදවීමට මෙන්ම රට තුළ සෞඛ්‍ය සේවය පවත්වා ගැනීමට වෛද්‍යවරුන්, හෙද නිලධාරින් , ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්යමණ්ඩල දැඩි දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය .
රට තුළ ඇදිරිනීතිය ක්‍රියාත්මක වන අවස්ථාවක සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට සේවයට වාර්තා කිරීමේ විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදුව ඇති බැවින්, කොරෝනා මර්දනය කිරීමට කාර්ය සාධක බලකායක් පත්කලා සේ සෞඛ්‍ය කාර්යමණ්ඩලවල දුෂ්කරතාවන් විසඳිමටද විශේෂ කමිටුවක් පත්කර ඔවුන්ගේ ගැටලු වලට විසදුම් ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමන් රත්නප්‍රිය මහතා පැවසීය .
කෝවිඩි -19 වසංගතය පැරදවීමට සහ රට තුළ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාමට රජය ගෙන යන වැඩපිළිවෙළට උපරිම සහය දෙන බවද හෙතෙම සඳහන් කළේය .