සෞඛ්‍ය ,පොදු ගමනාගමනය ,දුම්රිය ගමනාගමනය සහ තැපැල් සේවා සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් පත්‍ර දෙකක් අද (13 )නිකුත් කර තිබේ.
මේ අනුව එක් ගැසට් නිවේදනයක් මගින් රෝහල්වල,සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම ,රැකවරණය ,පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවා හෝ ක්‍රමය අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත.
තවද මගීන් හෝ බඩු ප්‍රවාහන පොදු ගමනාගමන සේවා ,දුම්රිය මාර්ග ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම හා පවත්වාගෙන යාම සහ තැපැල් සේවා සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අනෙක් ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.
ජනාධිපතිවරයාගේ නියමයෙන් ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් මෙම නිවේදන නිකුත් කර ඇත.