මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ සොරකමක් සම්බන්ධව විභාග වෙමින් පවතින නඩුවකට පසුගියදා(11දා) පැමිණි සැකකරුවෙකු නඩුව අවසන් වී, නිවස වෙත යමින් සිටියදී, අධිකරණය අසල නිවසක නවතා තිබූ, යතුරුපැදියක් සොරකම් කරගෙන ගොස් තිබියදී අත් අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ, මැදවච්චිය ලිපිනයේ පදිංචි සැකකරුවෙකි.
පසුගිය(11දා) උදෑසන 9.00 ත් 9.15 ත් අතර පුද්ගලයෙකු තම පුද්ගලික යතුරු පැදියෙන් මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොණුකර තිබූ නඩුවකට ඉදිරිපත් වීම සඳහා පැමිණි ඇත. අනතුරුව එම පුද්ගලයා අධිකරණයට ආසන්නව පිහිටා තිබූ මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ නිවසේ තම යතුරුපැදිය නවතා අධිකරණය වෙත ගොස් තිබුණි. නඩුව අවසන් වී දහවල් 12.00 ට පමන නැවත යතුරු පැදිය තිබූ ස්ථානය වෙත පැමිණි එම පුද්ගලයා යතුරු පැදිය නවතා තිබූ ස්ථානයේ යතුරු පැදිය නොමැති බව දැක එය සොයන්නට පටන්ගෙන තිබුණි. එම උත්සහයෙන් යතුරු පැදිය සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම යතුරුපැදියේ හිමිකරු මේ පිළිබඳ මැදවච්චිය පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් සටහන් කිරීමට කටයුතු කර තිබුණි. අනතුරව ඒ පිළිබඳ සොයා බැලීමට මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතා ඇතුලු විශේෂ පොලිස් කණ්ඩයමක් විමර්ෂනයක් ආරම්භ කර ඇත.
එහිදී සිදුවීම සිදුවූ ස්ථානයට පැමිණි පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතා ස්ථානීය පරික්ෂණය සිදු කරමින් අනතුරුව මෙම යතුරුපැදිය සොරාගෙන ගොස් අති බවට අනාවරණය කරගෙන තිබුණි. ඒ අනුව එදින මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට සොරකම් නඩු සඳහා පැමිණි සැකකරුවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණි. ඒ අනුව සොරකම් පිළිබඳ නඩු රැසක් සහ මත් ද්‍රව්‍ය පිළිබඳ නඩු කිහිපයක් ඇති එක් පුද්ගලයෙකු අධිකරනයට ඉදිරිපත් වූ බවට තොරතුරු අනාවරණය කර ගැනීමට ස්ථානාධිපතිවරයාට හැකි වී ඇත. ඒ අනුව ගල්කන්දේගම පිහිටි එම සැකකරුගේ නිවස වෙත ගිය ස්ථානාධිපතිවරයා ප්රමුඛ පොලිස් කණ්ඩායමට පැය තුනක් වැනි කෙටි කාලයක්තුළ සොරකම් කරන ලද යැයි කියු වර්ගයේ යතුරු පැදිය නිවසේ නවතා සගවා තිබියදී පෙලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබුණි. අනතුරුව සැකකරු අත් අඩංගුවට ගත් අතර ඒ වන විටත් ඔහු සන්තකයේ තිබී අයිස් මත් කුඩු මිලි ග්‍රෑම් 45 ක් පොලිසිය විසින් සොයාගෙන අත් අඩංගුවට තිබුණි.
මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු එදිනම ඉදිරිපත් කල අතර, එහිදී මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කළ ඉල්ලීමකට අනුව සැකකරු දින 07 ක් පොලිස් ස්ථානයේ රදවා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගෙන ඇත.
ඒ අනුව මේ පළිබඳව වැඩි දුර විමර්ෂණ කටයුතු මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්රමුඛ පොලිස් කණ්ඩායම සිදු කරයි.
සිඩ්නි රුවන් උබේපාල